ඉන්ෆුලුවෙන්සා රෝගය නිසා වැසෙන පාසැල් මෙන්න - www.lkrahas.com

Monday, May 21, 2018

demo-image

ඉන්ෆුලුවෙන්සා රෝගය නිසා වැසෙන පාසැල් මෙන්න

ඉන්ෆුලුවෙන්සා රෝගය නිසා වැසෙන පාසැල් මෙන්න

Schools

පැතිරී යමින් තිබෙන ඉන්ෆුලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් අද (21) සිට ලබන සදුදා (28) දක්වා දකුණු පළාතේ සියලුම පෙර පාසැල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර නියෝග කර තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් සමග එක්ව කල සාකච්ජාවකින් අනතුරුව එම තීරණය ගත් බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

මීට අමතරව මාතර අධ්‍යාපන කොට්ඨාෂයේ මුලටියන සහ අකුරැස්ස කලාපයේ පිහිටි පාසැල්, හම්බන්තොට අධ්‍යාපන කොට්ඨාෂයේ තංගල්ල හා වලස්මුල්ල කලාපයේ පාසැල් සහ ගාල්ල අධ්‍යාපන කොට්ඨාෂයේ ගාල්ල කලාපයේ පාසැල් වල පළමු වසරේ සිට 5 වසර දක්වා පංති සියල්ලම හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හිදී වසා තැබීමටද පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා. අනිද්දා දිනයේදී පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි ක්‍රියා මාර්ග ගැන තීරණ ගන්නා බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

පාසැල් පැවැත්වෙන 6 වසරේ සිට 13 වසර දක්වා වන දරුවන් ද තමන්ට උණ, කැස්ස හෝ සෙම්ප්‍රතික්ෂාව වැලදී ඇත්නම් පාසල් ඒමෙන් වලකින ලෙසත් රෝගී දරුවන් පාසැලට පැමිණියොත් ඔවුන්ගේ භාරකරුවන් කැදවා භාර දෙන්නැයිද මෙහිදි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පාසැල් බලධාරීන්ට දැනුම් දුන්නා.

No comments:

Post a Comment

Pages

Contact Form

Name

Email *

Message *